බඩගින්නට බලූ කිරිබොයි


චෝතු කුමාර් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේ ඉතාමත් දිලිඳු ගම්මානයක ජීවත් වන්නෙකි. චෝතුගේ පියා මියගොසිනි. කැලේට ගොස් දර කපා විකුණා තම දරුවාගේ කුසගිනි නිවන්නට චෝතුගේ මව උත්සාහ කරයි. ඇය කැලෑවෙන් රැගෙන එන පළා හා හතු චෝතුට නිතර කෑමට ලැබෙතත් ඉන් කුස ගින්න නොනිවේ. තමා සමග හිලෑ බැල්ලියකගේ කිරි උරාබීමට ඔහු පුරුදු වී ඇත්තේ එහෙයිනි. මාස ගණනක් පුරා තම දරුවා මෙම බැල්ලියගේ කිරි උරා බොන බවත් මෙම සිදුවීම දුටු පළමු දිනේ තමාට ලොකු වේදනාවක් සමග පුදුමයක්ද ඇති වී දරුවා බැල්ලියගෙන් වෙන්කර තැබීමට උත්සාහ කළත් නොහැකි වූ බවත් ඇය කියන්නීය.