( රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ කොපුම් පොතු කැපු සැකකරුවෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් ඔල්ඩි වතුයායේ පදිංචිකරුවෙකු මහඑලිය රක්ෂිතයේ කොපුම් පොතු කපා අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරු සහ කොපුම් පොතුතොගය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ තිබි කොපුම් පොතු කිලෝ 127 ක් පොලිස් භාරයට ගෙන ඇත.
රුපලාවන්‍යය කටයුතු සදහා භාවිතයට ගන්නා කොපුම් පොතු දුර්ලභ ආයුර්වේද ශාකයක් වන අතර මෙය ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු ආයුර්වේදිය ශාකයක් බවයි පරිසරවේදින් කියා සිටින්නේ.
ශ්‍රි පාද රක්ෂිතයේ සහ මහඑලිය රක්ෂිතයේ වැවෙන කොපුම් ගස් කපා බිම හෙලා එම ගස්වල පොතු ගලවා මෙසේ ජාවාරම්කරුවන් විසින් අධික මිලකට අලෙවි කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කිය සිටියේය
.
පසු ගිය කාලයේ ශ්‍රි පාද රක්ෂිතයේ සහ මහඑලිය රක්ෂිතවල හොදින් වැඩුණු කොපුම් ගස් ජාවාරම්කරුවන් විසින් කපා කොපුම් පොතු අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි පිරිසක් පොලිසිය සහ වනජිවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල්ද අයකරගෙන තිබුණි.
බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හෙට (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය




