බකිංහැම් උළෙලට ජනපතිට ඇරියුම්


මහා බ්‍රිතාන්‍ය යේ දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් ගතවීමේ දියමන්ති ජුබිලියේ බකිංහැම් මාලිගයේ ප්‍රධාන උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ශිරන්ති රාජපක්ෂ ආර්යාවට ඇරියුම් ලබා සිටිති. ලබන ජුනි 2-5 දක්වා මේ උත්සවය පැවැත්වේ. 1952 පෙබරවාරි හය වැනි දා සිහසුනට පත් රැජිනගේ අභිෂේකය සිදුවූයේ 1953 ජුනි 2 වැනිදාය. ලන්ඩනයේ රැඳී සිටින කාලයේ දී ජනපති බ්‍රිතාන්‍ය රජය සමග ඉහල පෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.