(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (26) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකවරයකු පැවසීය.
මෙම ගුවන් මගීන් පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1190 දරණ විශේෂ ගුවන් යානයෙන් අද (26) සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහායොමු කිරිමට පියවර ගැණිනි.

