(අංජුල මහික වීරරත්න)
බංගලාදේශයේ සංචාරයක නිරත වන්නැයි බංගලාදේශ රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල ආරාධනාවක් කර තිබේ.
බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය කළ මෙම නිල ආරාධනය බංගලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තාෆා කමල් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට පෙර සාකච්ඡා වටයකදී මෙම ආරාධනය කර තිබේ.
බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා දුලිප් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහයෝගයට බංගලාදේශ රජයේ කෘතවේදීත්වය පළ කරන බව ද එරට කර්මාන්ත අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සහ හෙට වියට්නාමයේ සංචාරයක නිරත වෙයි.

