ප‍්‍රා. සභාපතිට මාස දෙකට පසු ඇප
බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙළෙසී යැයි සැකපිට දින 73ක් රිමාන්ඞ් බාරයේ සිටි අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති සාරුව ලියනගේ සුනිල් හා ඔහුගේ මස්සිනා වන ප‍්‍රියංග ඉඳුනිල් වික‍්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් මුදා හරිනු ලැබුහ.
රුපියල් පනස්දාහක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වු ශරීර ඇප හතරක් එක් නඩුවක් වෙනුවෙන්ද රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් අනෙක් නඩුවට තබන ලෙස සභාපතිට නියම විය.

