ප‍්‍රභූ රියැදුරු රිමාන්ඞ්
ගල්කිස්ස උසාවිය ඉදිරිපිට පාරේ කහඉර මතදී කතක බරපතල අනතුරකට පත් කළැයි ප‍්‍රභූ ආරක්‍ෂක රියැදුරු වන කොමාන්ඩෝ සෙබළ උපුල් සමරසිංහ ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් යළි රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය.
සැකකරු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මහේස්ත‍්‍රාත් එහි ගොස් ඔහු රිමාන්ඞ් කෙළේය.
රියේ හැපුණු කත සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

