(වීනිතා එම්. ගමගේ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප‍්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය හෙට (21) පෙරවරු 11.00ට අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අතින් විවෘත කෙරේ.
නිරන්තරයන් නඩු ප‍්‍රමාදවීම් සිදුවන බවත් අප‍්‍රමාදීව විමසා අවසන් කළ යුතු නඩු විමසීම සඳහා තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණ පිහිටවිය යුතු බවත් රජය මීට පෙර අවස්ථාවකදී තීරණයක් ගන්නා ලද අතර ඒ අනුව තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණ කිහිපයක් පිහිටුවීමට රජය තීරණය කරන ලදී.
ඒ අනුව ප‍්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය මෙලෙස පිහිටුවන ලද අතර මෙම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුන් පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරු පියසාද් ඩෙප් මහතාගෙන් කරන ලද ඉල්ලීමක අනුව එම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණයේ විනසුරු මඩුල්ල ලෙස කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් පත් කරන ලදී.
මෙම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම නඩුව වශ්‍යයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වු ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරන ලදී.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ පවරා ඇති එම නඩුවේ විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර ඔවුන්ට බාරදීම සඳහා ලබන 24 වැනිදා විශේෂ තී‍්‍ර පුද්ගල මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මීට පෙර අවස්ථාවකදී සිතාසි නිකුත් කරන ලදී.