ප‍්‍රංශ සවාරි ශූරතා හතම ආම්ස්ට්‍රෝංට අහිමි වෙයි


හත් වරක් ප‍්‍රංශ සවාරිය ජයග‍්‍රහණය කරමින් පාපැදි ලෝකයේ අමරණීය පුද්ගලයෙකු බවට පත් වු ඇමරිකානු ජාතික ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම අහිමි කිරීමට අන්තර්ජාතික පාපැදි සංගමය තීරණය කළේය. ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමටද එක්සත් ජනපද මත්දව්‍ය විරෝධි ඒජන්සිය ඊයේ පියවර ගත්තේය. පාපැදි කී‍්‍රඩාව මුහුණ දුන් විශාලම අර්බුදයක මෙය වන බව පැවසු ජාත්‍යන්තර පාපැදි සංගමයේ සභාපති පැට් මැක්වයිඞ් මහතා පවසා සිටියේ ආම්ස්ට්‍රෝංට පාපැදි ලෝකයේ ස්ථානයක් නැති බවත් ආම්ස්ට්‍රෝන්ග් පිළිබඳ මතකය අතුගා දැමිය යුතු බවත්ය.