රංජන් කස්තුරි
පෞද්ගලික විදුලිබලාගාර තුනකින් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා මැදිහත්වන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
එස් පවර්, ඇඹිලිපිටිය, එස් පවර් මාතර සහ ඒසියා පවර් යන දැනට වසා දමා තිබෙන පෞද්ගලික බලාගාර වලින් හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකිරිමට ජාතික ආර්ථික සභාව මගින් තීන්දුවක් ලබාදෙන්නැයි ද විදුලිබල හා පුනර්ජනනීය ජනාධිපතිවරයාට යවා ඇති ලිපියෙන් ඉල්ලා තිබේ.
මේ වන විට ගිවිසුම් කාලය නිම වී වසා දමා තිබෙන එම පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලකට විදුලිය ලබා ගැනීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි ගණනක අති විශාල පාඩුවක් සිදුවන බව ප්‍රකාශ කරමින් ඒ සඳහා අවසර ලබාදීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් තිබේ.
මහජන උපයෝගීතා කොමිසන් සභාව පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කර තිබෙන බව ලංකා විදුලි බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.