පෞද්ගලික බස් සේවකයිනට නිල ඇඳුම නොලැබේ.


පුද්ගලික බස් සේවකයිනට මේ වසරේ නිල ඇඳුම ලැබී නැත. ගිය වසරේ ලැබුණු නිල ඇඳුම් පැරණි වීම නිසා නොඅඳින බව බස් සේවකයෝ කියති. බස් හිමියන් මෙම සේවකයිනට වසරකට නිල ඇඳුම් දෙකක් දියයතු වුවත් මේ වසරේ එසේ දී  නොමැති බව පෙනෙන බවත්, මේ වසර අවසානයේදී  තම සංගමය විසින් නිල ඇඳුම් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. බස් සේවකයිනට නිල ඇඳුම අනිවාර්ය කලේ රජයෙනි. බස්නාහිර පළාත තුළ ක‍්‍රියාත්මක වන මෙම නීතියට  යටත්ව බස් සේවකයෝ 20500ක් සිටිති.