පෞද්ගලික බස් වලට විශේෂ චාරිකා තහනම් කරන්නේ විරෝධතාවට බයවෙලා


(ශිරාන් රණසිංහ)

ජනතාව කොළඹට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන නිසා  ඊට බිය වී සිටින ආණ්ඩුව 01 වැනිදා සිට 08 වැනිදා දක්වා  බස්නාහිර  මාර්ග බලපත් හිමි  පෞද්ගලික බස් වලට විශේෂ චාරිකා තහනම් කිරීම විකාරයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහිව 05 වැනිදා කොළඹ පැමිණ විරෝධය පළ කිරීමට ජනතාව පුල පුලා බලා සිටින  බවත්  මෙම රැලියට එක්වන බස් රථ වල මාර්ග බලපත් අහෝසි කිරීමට බස්නාහිර  මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියටනෛතික බලතල නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

තමා බස්නාහිර  පළාත් මහ ඇමැති ලෙස කළක් කටයුතු කළත්  කිසි කලෙක එවැන්නක් සිදු නොවු බවත් හෙතෛම සඳහන් කළේය.ජනබලය රැලියට  එන බස් රථවලට දඩ මුදලක්  පැනවීමට නියම කළහොත් ඒ වගකීම ඒකාබද්ධ විපක්ෂය ගන්නා බවද කියා සිටියේය.