පෞද්ගලික බස් වර්ජනයක් ළඟ
පෞද්ගලික බස් රථ බලපත් ගාස්තුව සියයට 80 කින් පමණ වැඩි කිරීමට විරෝධය පා බස්නාහිර පළාතේ සියලුම පෞද්ගලික බස්රථ 28 වැනි දා සිට වැඩ වර්ජනයක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද නාහාන්හේන්පිට පැවැති ප්‍රවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

