පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගනිද්දී ස්ථිර මිලක්


(රංජන් කස්තුරි)

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ දී විදුලි ඒකකයකට ස්ථීර මිලක් ගෙවිය යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ජල විදුලිය සුළංබල හා සුර්ය බල විදුලිය මිලදී ගැනීමේ දී ස්ථීර මිලකට ඒවා මිලදී ගැනීමට නියමිතය.

මෙතෙක් පැවති ක්‍රමය වුයේ ඒ ඒ කාලවලදී ලංකා විදුලිබල මණ්ඩලය හා පෞද්ගලික සමාගම් අතර ඇතිකර ගන්නා එකඟතාවය මත විවිධ මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීමයි.

ඒ අනුව විදුලිය ඒකකයක් ඇතැම් බලාගාරවලින් රුපියල් 32 කටත් තවත් බලාගාරයකින් රුපියල් 35 කට ත් සහ තවත් බලාගාරයකින් රුපියල් 22 කටත් ආදී වශයෙන් මිලදී ගැනීම මේ වන විට සිදු කෙරේ.