පෝලන්ත ජෝඩුවට නිවාඩුව ලොකුවේ
අවුරුදු දෙකක් වයසැති දියණිය සමග ග‍්‍රීසියේ සංචාරයක් සඳහා පිටත්වීම සඳහා උතුරු පෝලන්තයේ කැටොවිස් ගුවන් තොටුපොළට පැමිණි පෝලන්ත මවක හා පියා තම දරුවා ගුවන්තොටුපොළේ අතහැර දමා ගිය පුවතක් වාර්තා වේ.
දරුවාගේ ගමන් බලපත‍්‍රය අවලංගුවීම නිසා දරුවා රැගෙන යෑමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ බලධාරීන් පැවසීමත් සමගම තම ගුවන් ගමන සඳහා ප‍්‍රමාද වන බැවින් ගුවන් තොටුපොළේ සිටින දරුවා රැගෙන යන්නැයි දුරකතනයෙන් නිවසට පවසා, ඔවුහු දෙදෙනා තම නිවාඩුව සඳහා ග‍්‍රීසිය බලා පිටත්ව ගියහ.
කාත් කවුරුවත් නොමැතිව කවුන්ටරයක් අසල හඬමින් සිටින කුඩා දරුවා දුටු ගුවන් තොටුපොළ සේවිකාවක් දරුවා රැගෙන පොලිසියට බාරදී තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පෝල් බික් සිස්කෝ පවසනුයේ මෙම දෙමාපියන් නැවත පෝලන්තයට පැමිණි විගස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඔවුන් සිදු කළ වරදට වසර පහක සිර දඬුවම් දිය හැකි බවත්, සියලූ සිදුවීම් ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇති බවත් ඔහු කියයි.
දරුවා රැගෙන යෑමට ඇගේ මිත්තනිය පැමිණි නමුත් මවුපියන් ඇය අතහැර යෑමෙන් ඇතිවූ පීඩනය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

