පෝරකෙන් බේරෙන්න අඟුලාන අයි.පී. උසාවි ඇවිත්


මහත් ආන්දෝලනයට ලක් වූ අඟුලාන ද්විත්ව මිනී මැරුමට වැරදිකරු වී මරණ දණ්ඩනයට නියම වූ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තුඹේගෙදර විනී නිව්ටන් එම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ ඇපෑල සඳහා අද බන්ධනාගාර නිලධරයන් විසින් රැගෙන එනු ලැබීය. විෂබීජයක් ශරීරගතවීමෙන් හා දියවැඩියා රෝගය උත්සන්න වීමෙන් ඔහුගේ දකුණු පාදයෙන් පහළ කොටසක්ම ඉවත් කර තිබීම හේතුවෙන් ඔහු ඉතා වේදනාවෙන් අනෙක් රැඳවියන්ගේ උදව්වෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අයුරු රැස්ව සිටි හැමගේ අවධානයට ලක්විය.