(කුෂාන් ජයවර්ධන)
දුරුතු පෙහෝදා වැඩිමිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු තොගයක් නීතිවිරෝධීව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අද (10) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.
කැකිරාව පොලිස් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු හා මත්පැන් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ අරක්කු පොහෝ දිනයේ වැඩිමිලට අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මෙලෙස වැඩිමිලට අලෙවි කිරීම සදහා සිය ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහනය කරමින් තිබූ රජයේ මත්පැන් බෝතල 60ක් මෙහිදී පොලිස් බාරයට ගෙන ඇත.
එහි වෙළඳපල වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න වේ. සැකකරු හා මත්පැන් තොගයත් ඒවා ප්‍රවාහනයට යොදා ගත් ත්‍රීරෝද රථයත් කැකිරාව පොලිසිය බාරයට ගෙන තිබේ.
මෙහෙයුමේදී අත්අඩංගුවට පත් සැකකරු හා නඩු භාණ්ඩ කැකිරාව දිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

