පෝදා, ඉරිදා වයඹ ටියුෂන් බෑ


වයඹ පළාත තුළ ඉරිදා හා පෝය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

වයඹ මානව සම්පත් අධිකාරියේ ප්‍රඥප්තියේ අංක 18/2 දරණ වගන්තිය යටතේ මෙය 2015.3.9 වැනි දින නිකුත් කර ඇත.

ඒ අනුව ඉරිදා දිනවල පෙරවරු 6 සිට 1.30 දක්වා පළමු ශ්‍රේණියේ සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා සිසුන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන අතර පෝය දිනයට කිසිදු උපකාරක පන්තියක් පැවැත්වීම තහනම්වේ.

නියෝග කඩකරන උපකාරක පන්ති ගුරුවරුන්ට අධිකරණයේ නඩු පවරා වැරදිකරුවුවහොත් රුපියල් 50,000 ක දඩයක් හා අවුරුද්දක සිර දඬුවමක් පැනවීමට ගැසට් නිවේදනයේ අවසර ලබාදී ඇත.