පෝද්දල ඝාතන සැකකරුවන් රඳවා ගැනීමට අවසර


පෝද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසලින් හමුවූ තරුණයන් සිව්දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හතරදෙනා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබා ගත් බවත්, ඒ අනුව ඔවුන්ගෙන් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.