ගාල්ලේ පොද්දල අඳුරත්විල ඔලිම්පස් උද්‍යාන පෙදෙසේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ගෙවල් දෙකක් අනතුරට ලක් විය.
පහළින් තිබූ ගෙයි භාගයක් කන්දට යටවී ඇති අතර කඳු මුදුනේ ගෙය ද ලිස්සා පහළට වැටීමේ අවදානමකට මුහුණ පා ඇත.
නිවැසියන්ගේ ජීවිතවලට හානියක් නොවූ බව වාර්තා වේ.



