පෝටා වැල් කිලෝව දහදාහ ගානේ විකුණයි


ඇඹිලිපිටියෙන් ගෙනා ගංජා කිලෝව රුපියල් දහදාහට විකුණන බවට පොලීසියට ඔත්තුවක් ලැබුණේය.

හොරණ පැත්තේ බස් නැවතුම්පොළට එන්නැයි  ඇඹිලිපිටි මිනිහා සඟයාට දැන්වීය.මද වේලාවකින් තැන වෙනස් කළේය.වෙනත් තැනකදී ගනු දෙනුව සිදු විය.මිලට ගත් මිනිහා  පොලිසිය ඉදිරිපිටදී ගංජා පාර්සලය ලිහුවේය.

එහි වුයේ පෝටා වැල් ගොඩකි.ඇඹිලිපිටි මිනිහා අත්අඩංගුවට ගනු ලැබීය.ඔහු ඊට පෙරද  පෝටා වැල් කිලෝව රුපියල් දහදාහ ගණනේ  විකුණන්නට ඇතැයි පොලීසිය සැක කරයි.