පොළොන්නරුව ශිව දේවාලෙත් හාරති


පොළොන්නරුවේ ඓතිහාසික ශිව දේවාලය නිදන් හොරුන් විසින් හාරා නිදන් සොයා ඇති බව පෙනේයැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති. ශිව දේවාලය ඇතුලේ ශිව ලිංගය තැන්පත් කර ඇති ගර්භ ගෘහයේ යෝනි ගල ඉවත් කර අඩි තුනහමාරක වලක් හාරා ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති. නිදන් හොරුන් එහි ඇතුලු වූයේ කවදාදැයි පැහැදිලි නැත.