පොළීකරු සහ දියණිය වෙඩි තබා මරා දමයි


මොරගහහේන  පොල්ගහ හේනේ  අද රාත්‍රී 8. 30 පමණ සිදු වූ  වෙඩි තැබීමකින්  මුදල් පොළියට දෙන්නෙකු බව කියන එම්. ඩී. සුසන්ත ප්‍රේමකුමාර  සහ ඔහුගේ සිව් හැවිරිදි දියණිය මිය ගිය බව  මොරගහහේන පොලිසිය කියයි ප්‍රේමකුමාර මහතාගේ බිරිඳ මෙහිදි සුඵ තුවාල ලැබීය. මොවුන් තිදෙනා යතුරු පැදියෙන් සිය නිවස බලා එද්දී යතුරු පැදියකින් පැමිණි ඝාතකයා වෙඩි තබා පලා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි