පොසොන් දන්සල් අවතැන් ජනයාට දෙන්නැයි මල්වතු නාහිමියෝ ඉල්ලති


(චමිල් රුපසිංහ)

පොසොන් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කර ඇති වෙසක් උත්සව හා දන්සැල් ආදිය සදහා වියපැහැදම් කරන දෙයින් කොටසක් හෝ මේ පොසොන් මංගළ්‍ය උත්සවයට සමානවම පින් සලකාගෙන නායයාමෙන් හා ගංවතුරෙන් අනාථ වි උන් හිටි තැන් නැති ව ඇඳිවත පමණක් ඉතිරිව සිටින ජනතාව සඳහා පරිත්‍යාග කරන ලෙස ඒවා සංවිධානය කරන පිංවතුන්ගෙන් ඉල්ලා සිටින බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ අද(28) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුහ.

අසරණ ජනතාවට ලැබෙන දේ සාධාරණව බෙදා දීමට නිසි වැඩ පිළිවෙළක් ඇති කළ යුතු බවත් කී ඒ හිමියෝ ආමිස පූජාවට මුල් තැන දෙමින් අසරණයන් වෙනුවෙන් දාන මාන සිදුකරන ලෙසත් පැවසූහ.