පොසොන් උත්සවය පල්ලියේ


ඉතාලි පාදෝවා නුවර ශ්‍රී ලාංකිකයෝ සක්ක‍්‍රෆැමිලියා දේවස්ථාන ශාලාවේ දී පසුගියදා පොසොන් උත්සවයක් පැවැත්වූහ. මේ සඳහා වෙරෝනා හා විචෙන්සා නගරවල ශ්‍රී ලාංකිකයෝ ද එක්වූහ. වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද, මෙස්සිනා බෞද්ධ විහාරාධිපති විලච්චියේ ධම්මවිජය හා බ්‍රෙශියා විහාරාධිපති වතෝගල ධම්මික හිමිවරු ආගමික වතාවත් පැවැත්වූහ. මේ අතර 30 වන සෙනසුරාදා සවස හතට බ්‍රෙෂියා නගරයේ දී සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට සූදානම් කොට ඇති බවත් නොමිලේ පවත්වන එම ප‍්‍රසංගයෙන් ලැබෙන සියලූ ආධාර බ්‍රෙෂියා බෞද්ධ විහාරස්ථානයේ නඩත්තුවට යොදවන බවත් වතෝගල ධම්මික හිමියෝ කියති.