2013ට සුබ පතමින් වවුනියාව සෙට්ටිකුලම පොලීසිය අද අලූයම කිරිඅම්මලාවරුන් 2500කට කිරි දානයක් පිරිනැමීය. පත්තිනි දේව මාතාව වෙනුවෙන් කැවුම්,කිරිබත්, කැවිලි හා පඬුරු පිදීමේ පැරිණි චාරිත‍්‍රය ඉටු කරමින් සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පී.ජී.එස්. ආර්. සංජීව මහතා ඇතුළු පිරිස මේ පින්කම කළහ.
කුඹුරේ අස්වනු පැසුණුවිටද දෙයියන්ගේ ලෙඩ හෙවත් සරම්ප,පැපොල ආදී බෝ වෙන ලෙඩ සැදුන විටද පත්තිනි දේවියට බාර වීමෙන් කිරි අම්මා දාන දෙති.






