පොලීසිය වාහනයක් පස්සේ යයි


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට තර්ජනය කළැයි පිරිස පැමිණි බව කියන වාහනයක් ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතාට දැනුම් දුන්නේය.

පසුගිය 17 වැනි දා තමා අධිකරණයේ සිට නිවසට එද්දී අවියක් පෙන්වා තර්ජනය කළැයි වන්නිනායක මහතා පොලීසියට පැමිණිලි කැර තිබිණි.

පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියෙන් දින දෙකකට පසු ඔහුට ලැබුණු නිර්නාමික දුරකතන පණිවුඩයකින් වාහන අංකයක් දී ඇති බවත්, එම වාහනය ගැන විමර්ශන කටයුතු සිදු කැරෙන බවත් ය.