පොලීසිය පගාව ප්‍රතික්ෂේප කරයි
ගවයන් තිදෙනෙකුවත් ඉඩ නැති කුඩා ලොරියක එළදෙනුන් 11 දෙනෙකු අට්ටි ගසා රැගෙන යමින් සිටියදී දඹුල්ල පොලීසියට රුපියල් 30000ක පගාවක් දී බේරී යාමට ජා-ඇල හා පොළොන්නරුවේ තිදෙනෙකුට නොහැකි විය.
පොලීසිය එම අල්ලස ප්‍රතික්ෂේප කොට ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට යයි.
දිඹුලාගල සහ මින්නේරිය කැලේ නිදැල්ලේ ගැවසෙන ගවයන් අල්ලා ගලේවෙලට ගෙනයමින් සිටියදී පොලීසියට අසුවිය.
එක් එළදෙනක මියගොස් සිටි අතර තවත් එළදෙනුන් හතර දෙනෙකු පණ අදමින් සිටි බව පොලීසිය කියයි.

