නව නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා පිළිගැනීමේ උත්සවයක් අද දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා නව නීතිපති පිළිගත්තේය.පොලිස් උත්තමාචාර සම්මාන මුරයක්ද පැවැත්විණි.
පොලීසිය මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් ලෙස සංවර්ධනයවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් නව නීතිපති, නීතිය ප්‍රමාදයකින් තොරව ඉටුකිරීම සඳහා පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.