පොලිසියේ පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි


ඇල්පිටිය අගලියේදී වසරකට පමණ පෙර අත් අඩංගුවට ගත් සනත් ජයතිලක නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් පොලිස් උප පරීක්ෂක, සැරයන්, කොස්තාපල් දෙදෙනකු හා සහායකයා 24 පැයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දී ඇත.

උප පරීක්ෂක චමින්ද මෙත්සිරි, සැරයන් ගුණරත්න, කොස්තාපල්වරුන්වන දයානන්ද හා සරත්, පොලිස් සහායක විජයකුමාර අත් අඩංගුවට ගත් අයවේ.

අගලිය පොලිස් මුරපොළට 2013-9-13 වැනිදා රාත්‍රියේ ගංවතුර ගැලූ බවත් සැකකරු පොලිස් භාරයෙන් පැනගොස් ඇති බවත් එහි තොරතුරු පොතේ ලියා ඇතැයි දැනගන්නට ඇත.