පොලිසියේ තිදෙනෙක් රිමාන්ඞ්
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්ෂක අංශයේ බව කියමින් මොහොමඞ් රිස්වි නම් පුද්ගලයකු මුදාහැරීමට රුපියල් කෝටියක් ඉල්ලා හැට ලක්ෂයක් ගත් බව කියන පොලිස්කාරයෝ තිදෙනෙක් ද බොරු පොලිස්කාරයෙක් ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. පොලිස් වංචා විමර්ශන අංශයේ උප පරීක්ෂක ජනක චමින්ද, සැරයන් චින්තක හේමචන්ද්‍ර කොස්තාපල් රංජිත් පියනන්ද හා පොලිස් සැරයන්වරයකු ලෙස බොරුවට පෙනී සිටි මොහොමඞ් සකීර් ද එසේ රිමාන්ඞ් කරනු ලැබූහ.
මොහොමඞ් සකීර් වෙනුවෙන් ඔහුගේ සහෝදරයා රුපියල් හැට ලක්ෂයක් දී ඔහු මුදාහරින ලෙස ඉල්ලූ විට එවැනි අයකු තමන් ළඟ නැතැයි ඔවුන් කියා ඇත. ඔහු අනවසරයෙන් ඕස්ටේ‍්‍රලියාවට යන්නට ගොස් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔවුන් කියා තිබේ.

