පොලිසියෙන් බව කියා පැහැර ගෙන ගහලා
ජාතික කලා භවනේ ආරක්‍ෂක අංශ ස්ථානාධිපති ස්ටැන්ලි ලියනගේ (40) පැහැරගෙන ගොස් දෑස් බැඳ පහර දී සති තුනක් රඳවා තබාගෙන කොළඹ ජාතික කෞතුකාගාරයේ සොරකම කළ බව පිළිගන්නැයි බලපෑම් කළ පොලිස් නිලධාරීන් බව කියන පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනය කැර වාර්තා කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (10) පිටකොටුව පොලිසියට නියෝග කළේය.
ඉකුත් 12 වැනි දින රාත‍්‍රියේ පිටකොටුව බැස්ටියන් මාවතේදී මොහු පැහැරගොස් දෑස් බැඳ පහර දී රඳවා තබාගෙන ඉකුත් 2 වැනි දින මහනුවර ගැටඹේ හන්දිය අසළ දමා ගොස් තිබිණි.

