පොලිසියටත් සැඩ සුළං


වැල්ලවත්ත ප්‍රදේශය හරහා හමාගිය ටොනාඩෝ සුළඟකින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ ගොඩනැඟිල්ල ඇතුළු ගොඩනැඟිලි රැසකට හානි සිදුව ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. වංචා විමර්ශන කාර්යංශයේ ගොඩනැඟිල්ලේ වහලය ඇතුළු ගොඩනැඟිලි රැසක වහලවල් ගැලවී ගොස් ඇති අතර පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය.