පොලිසියටත් කලින් කටවුට් බේත් දීලා


සබරගමු පළාත් සභා ඡන්දයේ මනාප අංක ලැබෙන්නත් පෙර කුරුවිට හා රත්නපුර මහ මග ප‍්‍රදර්ශනය කර තිබූ තම කටවුට් සියයක් පමණ ගිනි තබා වනසා ඇතැයි සබරගමු පළාත් සභාවේ සභාපති රංජිත් බණ්ඩාර මහතා කියයි. සන්ධානයේ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක අතුල කුමාර රාහුබද්ධ මහතාගේ කටවුට් එරත්නේදී පුළුස්සා ,මලංගමදී කළු තෙල් දමා තිබිණැයි වාර්තා විය. මැතිවරණ නීතිය අනුව කටවුට් ප‍්‍රදර්ශනය නීති විරෝධීය. මේ කටවුට් වනසන්නට ඇත්තේ සන්ධානයේම ඇතැමුන්ගේ ක‍්‍රියාවක් විය හැකි බව සන්ධාන ආරංචි මාර්ග කියයි.