පොලිසියට බැන්න ප්‍රා මන්ත්‍රී අල්ලයි


කතරගම ගොස් එමින් සිටි හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කසුන් ජයතුංග ඇතුළු පිරිසක් වාහන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බැණවැදුනැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මාර්ග බාධකයකදී ඔවුන් ගමන් කළ වාහනය නතර කැර ආසන පටි පැළැඳ නොසිටියේ ඇයි දැයි ප්‍රශ්න කළ විට බැණ වැදී ඇති බව ද පොලීසිය ප්‍රකාශ කරයි.