පොලිසියට අත්බෝම්බ ගැසූ සැකකරුට වෙඩි


(ප්‍රදීප් කුමාර ධර්මරත්න)

මැවනැල්ල මයුරපාද ජාතික පාසල අසලදී පොලිස් නිලධාරීන්ට අත්බොම්බ ප‍්‍රහාරයක් එල්ල කර පලා යාමට තැත්කළ බව කියන පුද්ගලයකුට අද (15) වෙඩිතබා අත්අඩංගුවට ගත් බව කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

අවුරුදු හතරක සිර දඩුවමක් නියම වී සිටි හා අපරාධ රැසකට සම්බන්ධ බව කියන මෙම සැකකරු බන්ධනාගාරයෙන් පලාවිත් ප‍්‍රදේස රැසක මංකොල්ලකෑම් හා සොරකම්‍ සිදු කරමින් සිට ඇත.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඔහුව අත් අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින්ට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර පලායෑමට උත්සහ කර ඇතැයිද පොලීසිය සැකකරුගේ පාද වලට වෙඩිතබා ඇතැයි ද පැවසේ.

පොලිස් වෙඩිපහරින් තුවාල ලැබූ සැකකරු මාවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.