පොලිසිය අනතුරක් වලක්වයි


ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධවලට සම්බන්ධ බවට සැකකරන තරුණයන් දෙදෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්වත්ත පොලිසිය කියයි. අංක තහඩු නොමැති යතුරු පැදියකින් යමින් සිටියදි ඔවුන් අත්අඩංගුව ගෙන ඇති අතර   කිසියම් අපරාධයක් සඳහා යමින් සිටියේද යන්න ගැන පරීකෂණ පවත්වයි. ඔවුන් ගමන් ගත් යතුරු පැදිය ද සොරකම් කරන ලද එකක් බව අනවරණය වී ඇතැයි පොලිසිය පවසයි.