- කල්කුඩා
මාළඹේ සිට පැමිණ පාසිකුඩා වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මියගියේය.
- අක්කරපත්තුව
වේගය පාලනය කැරගත නොහැකිවූ කැබ් රථයක් පදිකයකු හා යතුරුපැදියක් අනතුරට ලක්කරමින් පලා ගොස් ඇති බවත් අනතුරින් යතුරුපැදි කරු හා පදිකයා මියගොස් ඇති බවත් පොලීසිය කියයි.
- බදුල්ල
බදුල්ල මුතියංගන විහාරය අසළ හෙරොයින් කුඩු ග්‍රෑම් එකක් හා මිලි ග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
- හබරණ
හබරණ දී පිටුපසට ධාවනය වූ කැබ්රථයක ගැටීමෙන් පුද්ගලයකු මියගිය බව පොලීසිය කියයි.
- කොස්ගොඩ
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුගේ දුවගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇත.