පොලිස් වෙඩි පහරකින් සැකකරුවෙක් මරුට


(නයනජිව බණ්ඩාර)
 
මොණාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලෑවක සැඟව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය කළ වෙඩි තැබිමකින් එම සැකකරු අද(06) දහවල් මියගොස් තිබෙි.
 
මෙම වෙඩිතැබිමෙන් මියගොස් ඇත්තේ තෙනගල්ලන්ද.මාරාව,ඉත්තැකටුව ලිපිනයේ පදිංචිව සිටි කෝණාර මුදියන්සේලාගේ චමින්ද කුමාර යන අයයි.
 
මෙම සැකකරු යුද හමුදාවෙන් පැනවිත් සැගව සිටි අයෙකු බව පොලිසිය කියයි.
 
සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා යාල ජාතික වනෝද්‍යානයට මායිමිව ඇති කහම්බාන රක්ෂිත කැලයේ සිදුකල පොලිස් මෙහෙයුමක් අතරදි මෙම වෙඩි තැබීම සිදුව ඇති  බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
 
මෙම සැකකරු ඉකුත් මැයි මස 31 දින රාත්‍රි 8.30ට පමණ  මොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි  දිසානායක මුදියන්සේලාගේ සෝබිත දිසානායක යන අයට පෞද්ගලික ආරවුලකට වෙඩිතබා ඝාතනය කර තිබුණි .