පොලිස් රඟපෑම වරදී


හැඳුණුම්පත් දෙකක් ලබා ගත් පුද්ගලයකු මුදා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නමින් දෙහිවල පොලීසිට තෙවරක්ම කතා කළැයි කියන වා සැකසුම් කාර්මික ශිල්පියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. දෙහිවල හිල්වීදියේ පදිංචි ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පෙනී සිටිමින් නියෝග කැර ඇත්තේ හැඳුණුම්පත් බලා ඔහු ‘මුදා හරින‘ ලෙසයි.