පොලිස් රගර් ක්‍රීඩකයාගේ හලෝව අරං දුවලා


බම්බලපිටියේ මැජස්ටික්සිටි සාප්පු සංකීර්ණයේ දී පොලිස් රගර් ක්‍රීඩකයකුගේ රුපියල් 12000ක් සහ රුපියල් 64000ක ජංගම දුරකතනය උදුරාගෙන පැන දිවූ බව කියන තිදෙනකු අල්ලා පොලිසියට බාර දීමට එහි සිටි අය සමත්වූහ.

රගර් ක්‍රීඩකයා තවත් මිතුරකු සමඟ එහි ගිය අවස්ථාවේ මිතුරාගේ ෆේස්බුක් මිතුරකු ද ඔහුගේ යහළුවකු ද එහි දී හමුවූ බවත් එම යහළුවා කොල්ලය සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

මුදල් හා දුරකතනය ද සොයාගෙන ඇත.