පොලිස් පිල 31-14 කින් ගුවන් හමුදාව පරදවයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතිය යටතේ පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයෙන් පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 31-14 ක පහසු ජයක් ලැබූහ. පළමු අර්ධය අවසන් වන විට පොලිසිය ලකුණු 24-0 ක් ලෙස පෙරමුණේ පසු විය.

