( සිතුම් චතුරංග )
මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා මුලතිව් ජනකපුරට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සෙනසුරාදා (16) රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇතැයි ද පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද වැලිඔය පොලිසිය කියයි.
කේරළ ගංජා අලෙවිකරන ස්ථානයක් පිළිබඳ ලැබුණ තොරතුරකට අනුව එහි ගොස් ගංජා අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමත් සමග සංවිධානාත්මකව පැමිණි පිරිසක් විසින් නිලධාරීන් වෙත ගල්මුල් ප‍්‍රහාර එල්ල කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි.ඉන් පොලිස් ජීප් රථයේ ඉදිරිපස වීදුරුවටද හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි
නිලධාරීන් ගංජා අලෙවිකළැයි කියන සැකකරු රැගෙන පොලිසියට පැමිණ ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පහරදීම සඳහා පැමිණි සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා වැලිඔය සම්පත නුවර රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔවුන් දෙදෙනා සුළුතුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

