පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට පොලිස් ක්ෂේත්‍ර බල මූලස්ථානයට ඇතුළු විමට ගිය අයෙක් අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීයෙකු ලෙස පෙනී සිටිමින් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් සංගමය වෙත පැමිණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි .
 
ජාත්‍යන්තර පොලිස් හැදුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා මෙම පුද්ගලයා පැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .
 
අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි අයෙකු බවත් කොළඹ 12 පදිංචි කරුවෙක් බවත් පොලිසිය පැවසීය.