(බිඟුන් මේනක ගමගේ)
ජාතික පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කීපයක්ම ලැබී ඇති බව වාර්තාවේ.
එම කොමිසමේ සංයුතියේ ඇති අඩුපාඩු නිසා එය ස්ථාපනය කිරීමේ මූලික අරමුණෙන් බැහැරවීමත් එහි අරමුදල් පරිහරණය සම්බන්ධයෙනුත් මෙම පැමිණිලිවල කරුණු අන්තර්ගතව ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කීප දෙනෙක්ම ඒ බව තහවුරු කළහ.
පොලිස් දෙපාර්තමේන්තුවේ විනයානුකූල පැවැත්මට අදාළ කාරණා සොයාබැලීම වෙනුවට විෂය පථයෙන් බැහැර දේවල් ගැන වැඩි අවධානය යොමු කිරීමෙන් කොමිසමේ කාලය මෙන්ම මුදල් හා ශ්‍රමය නාස්ති වන්නේ යැයි එම පැමිණිලිවල සඳහන්ව ඇතැයි ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් කීය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ පොලිස් කොමිසම අතර හටගෙන ඇති විවාදපන්න තත්ත්වය හා පොලිස්පතිවරයා කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් කොමිසම අර්බුදයට යෑම ගැන ඒවායේ කරුණු සඳහන්ව ඇත.
ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ලබන ඔක්තෝම්බර් මාසයේදී අවසන් වේ.