(ඉන්දිකා රාමනායක)
පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසට සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයට පොලිස්පතිවරයා විසින් නව අධ්‍යක්ෂවරුන් පත්කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.ඩී ජයසිංහ මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇති අතර ඒ මහතාගේ හිස් වූ එම අධ්‍යක්ෂධූරයට වැඩ බැලීමට සහකාර පොලිස් අධිකාරි ඒ .ආර් .පී .ජේ අල්විස් මහතා පත්කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත වැඩබලන පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවද පොලිස් මූලස්ථානය කියයි.

