පොලිස් ඇසෙන් ජීවිත දෙකක් බේරේ


මුලතිව් හි තරුණයින් දෙදෙනකු  මරා දැමීමට මතුගම පැලවත්තට ගෙන එමින් සිටියදි   සිව් දෙනකු අත්අඩංගුවට  ගත් බව මීගහතැන්න පොලීසිය කියයි 

මොවුන් ප්‍රාණ  ඇපයට ගෙන ඇත්තේ මෙයට දින  දෙකකට කලිනි

ඔස්ට්‍රෙලියාවට හොරෙන් යැවු  පිරිසකගෙන් රුපියල් ලක්ෂ 16 හිඟ මුදල දෙන තුරු  මොවුන් දින තුනක් කළුතර පයාගල ප්‍රදේශයේ    රඳවාගෙන සිටි බවත්

ලක්ෂ 16 අයකර දුනහොත්  පතාල සාමාජිකයින්ට ලක්ෂ එකහමාරක් පොරොන්දු වූ බවද කියති

 එහෙත් එම මුදල නොලැබුණු නිසා ඔවුන් මරා දැමිම සඳහා පැලවත්තේ හෙවෙස්සට  ගෙන එමින් සිටියදී   රාත්‍රී මුර සංචාරයේ සිටි පොලිස් කණ්ඩායමකට හමුවීම නිසා ඔවුන්ගේ ජිවිත බේරි ඇති බව කියති