පොලිස් අනුරූ සොරකම් කළ තරුණයින් අත්අඩංගුවට


(පුත්තලම - එච්. චන්දන)
වේග මීටරය සහිත පුත්තලම කොළඹ මාර්ගයේ  පාලවිය- වන්තිව් ප්‍රදේශයේ තබා පොලිස් නිළධාරින්ගේ සමාන රුව සහිත අනුරූ (ඩමිය ) විහිළුවට සොරකම් කල තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසියේ රථවාහන  කියයි.


මෙම අනුරුව කිසියම් පිරිසක් 29 දා රාත්‍රියේ රැගෙන ගොස් ඇති බව පුත්තලම පොලීයේ රථවාහන අංශයේ නිළධාරින්ට  දැක ගැනීමට හැකිවී තිබේ. ඒ අනුව කඩිනමින් පරීක්ෂණ කටයතු ආරම්භ කල පොලිස් නිලධාරින් ඒ අසල වෙළඳ සැලක සවිකර තිබූ සීසීටීවි කැමාරවක ලැබුණු දත්තයන් උපයෝගි කරගෙන මෙම සැකකරුවන් දෙදෙනා , ඩමිය හා  එය සොරකම් කරන්න භාවිතා කල  කැබ් රථය සමග  සොයා ගැනීමට හැකිවී තිබේ.


පුත්තලම - තිල්අඩිය අල්කාසිම් සිටි ප්‍රදේශයේ  නිවසක සිටියදී සැකකාරයින් අත් අඩංගුවට ගෙන ඇති අතර මොවුන් වයස අවුරුදු 22 ,23  පසුවන  තරුණයින් දෙදෙනකුය. මොවුන් 29 දා අළුයම 2.19 මුල් අවස්ථාවේ මේ ඩමිය තිබූ ස්ථානයට පැමිණ එය දෙස බලා යන , අතර පසුව 2.33 පමණ එය රැගෙන යන බව දක්නට ලැබේ.


රිය ධාවනයේදී  සිදුවන අනතුරු අවම කිරීමේ වේගය පාලනය අරමුණින්  පුත්තලම පොලිස් කොට්ඨාශයේ  - පුත්තලම පොලිස් වසමේ අනතුරු බහුල ප්‍රදේශවල පොලිස් නිළධාරින්ට සමාන රුව සහිත ආකෘති තැබීම ඉකුත්දා සිදු කලේය.
මීට මාස 04 ට පමණ පෙර මෙම ඩමිය තබා තිබූ පාලවිය ප්‍රදේශයේදී වේගයෙන් ආ වැන් රථයකට මාර්ගයෙන් ඉවතට පැණ එහි වැදී පෙර දරුවකු මිය ගිය ස්ථානයේ දී මෙම ආකෘතිය  තබා තිබුණි.


මෙම පොලිස් නිළධාරියාගේ ආකෘතිය යෙදීම තුලින් අළුතින් මෙම මාර්ගයේ ගමන් කරන රියදුරන්ගේ වේගය නිරන්තරවම  පාලන වූ බවත් එයින් අනතුරු අඩුවූ බව පුත්තලම රථවාහන පොලීසිය පැවසීය.


පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂ අනුර ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උ:ප: කුමාරද සිල්වා , පො:කො: දසනායක (71891), කුමාර(78489) යන නිළධාරින් මෙම වැටලීම සිදුකළේය.