(නිමල කොඩිතුවක්කු)
පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතතනය සහ කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩලය යන ආයතන හතරේම නව සභාපතිවරයා ලෙස ජයන්ත වික‍්‍රමසිංහ මහතා පත්කර තිබේ.
ජයන්ත වික‍්‍රමසිංහ මහතා 2006 වසරේ සිට 2015 වසර දක්වා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජිස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර ඇත.
ඔහු 2010 සිට 2015 දක්වා නාගරික සංවර්ධන අධිකාරියෙහි කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් 2003 සිට 2006 දක්වා කාලය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයෙහි අධ්‍යක්ෂකවරයකු ලෙසත් කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා කැනඩා ව්‍යාපාරික කවුන්සිලයේ හිටපු සභාපතිවරයකු ද වන ජයන්ත වික‍්‍රමසිංහ මහතා සෙලින්කෝ ජීවිත රක්ෂණ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයකු, ශ්‍රී ලංකාවේ පොල් වගාකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා සහ එක්සත් රාජධානියේ වරලත් ක‍්‍රමකාර්ය සම්පාදන සහ ප‍්‍රවාහන ආයතනයේ වරලත් සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.

