පොරවෙන් ගසා පුද්ගලයකු ඝාතනය කරයි


(දෙනියාය විශේෂ එස් .ඩි .කොඩිකාර)
දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් බෙලිඅත්ත කුඹුර ,කොළවෙනිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පොරවෙන් ගසා අද (02) පස්වරු 5.00 ට පමණ  ඝාතනය කර ඇතැයි දෙනියාය පොලිසිය කියයි .


මෙසේ ඝාතනය කර ඇත්තේ (43) හැවිරිදි  හල්ගහවෙල , බෙලිඅත්ත කුඹුර, කොළවෙනිගම  ලිපිනයේ  පදිංචි ජී.කේ. දයානන්ද නැමැති තිදරු පියෙකි.


පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනය සිදු කර ඇති (43) හැවිරිදි හල්ගහවෙල  ,බෙලිඅත්ත කුඹුර ,කොළවෙනිගම පදිංචි  සැකකරු  ඝාතනය සිදු කර පසුව ඔහුගේ බිරිඳ සමග ගොස් පොලිසියට භාර වී ඇතැයි දෙනියාය පොලිසියේ නිලධාරීයෙකු පැවසීය .


ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ හෙට (03) සිදු කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.